Saturday, October 24, 2015

ලොව විවිධ රටවල අතීතයේ භාවිතා වූ වාශ්ප දුම් රිය එන්ජින්





විවිධ කාල පරිච්චේද වල ලෝකයේ විවිධ රටවල මෙම වාශ්ප බලයෙන් ක්‍රියා කරන දුම්‍රිය එන්ජින් භාවිතා වී ඇත. අද මේ සියල්ලම වාගේ දක්නට ඇත්තේ ඒ ඒ රටවල දුම්‍රිය කෞතුකාගාර වලයි.

Thursday, October 15, 2015

වාෂ්ප දුම් රිය ඇන්ජිමක ක්‍රියාකාරිත්වය




වාෂ්ප බලයෙන් ධාවනය වන මුල් කාලයේ දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය රූපසටහන් වල දැක්වෙන ආකාරයට සරලව පෙන්වා දෙන්න පුළුවන්. ඇත්තටම වාෂ්ප එන්ජිමක ක්‍රියාකාරිත්වය සරලයි. එහිදී වෙන්නේ ගල් අඟුරු දහනය තුලින් ජලය වාෂ්ප ගන්වා එම උනුසුම් වාෂ්ප ධාරාව ප්‍රයෝජනයට ගෙන සරල පිස්ටනයක් චලනය කිරීමයි. එලෙස චලනය වන පිස්ටනයට සම්බන්ධ යකඩ කඳක් ආධාරයෙන් දුම් රිය එන්ජිමේ රෝද කරකැවීම සිදු වෙනවා.

Saturday, October 10, 2015

ලොව දුම් රිය ප්‍රවාහනයේ ආරම්භය


මුල්ම ගල් අඟුරු දුම් රිය එන්ජිම නිපදවූ ජෝජ් ස්ටීවන්සන්


රොකට් නමින් හැඳින්වූ ලොව මුල්ම සාර්ථක දුම් රිය එන්ජිම

කෝච්චි ගැන කතා කරනකොට ඔන්න කෝච්චි වල ඉතිහාසය ගැන පොඩ්ඩක් විතර මතක් කරල පටන් ගන්න එක හොඳයි කියලා හිතුනා. අපි කවූරුත් සාමාන්‍ය දැනීමෙන් දන්න දෙයක් තමයි ලෝකයේ මුල්ම සාර්ථක ගල් අඟුරු දුම් රිය එන්ජිම නිපදවමින් එහි ගෞරවය ලබාගෙන තියෙන්නේ ජෝජ් ස්ටීවන්සන් කියන එක. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මීට කලින් ජේම්ස් වොට් විසින් නිපදවූ වාෂ්ප එන්ජිමේ ආකෘතිය අනුව මෙය නිපදවා තිබුණේ ගල් අඟුරු පතල් වල ගල් අඟුරු ප්‍රවාහනයටයි. මෙලෙස ජෝජ් ස්ටීවන්සන් විසින් රොකට් නමින් හැඳින්වූ මුල්ම සාර්ථක ගල් අඟුරු දුම් රිය එන්ජිම අත්හදා බලල තියෙන්නේ 1814 වසරේයි. එතැන් පටන් පසු කාලීනව මේ දුම් රිය එන්ජිම වැඩි දියුණු වෙමින් බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන සේවයට එක්තු වී තිබෙනවා.

Thursday, October 8, 2015

කෝච්චි බ්ලොග් එක ගැන

කෝච්චි ගැන උනන්දුවක් තියෙන අපේ රටේ අයට ඔන්න කෝච්චි ගැන විස්තර කියන්න කෝච්චි බ්ලොග් එකක් හැදුවා