Saturday, July 16, 2016

ට්‍රැක්ෂන් මොටරයක නිමැවුම


ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වල අවසන් චලනය ඇති කරන්නේ දුම් රිය ඇක්සල් වලට සම්බන්ධ කර ඇති විදුලි බලයෙන් ක්‍රියා කරන ට්‍රැක්ෂන් මෝටර් මගින්. මේ ට්‍රැක්ෂන් මෝටර් AC සහ DC යන දෙවර්ගයෙන්ම ලොව විවිධ දුම් රිය එන්ජින් වල දැකගන්න පුළුවන්. දුම් රිය තොරතුරු ගැන උනන්දුවක් ඇති බොහෝ දෙනෙක් මේ ට්‍රැක්ෂන් මෝටර් ගැන අහල ඇති. සමහර විට ට්‍රැක්ෂන් මෝටර්යක් හැදෙන ආකාරය දැකල නැතුව ඇති. මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ එවැනි ට්‍රැක්ෂන් මෝටරයක සියළු කොටස් නිමවන ආකාරයත් එක්ලස් කරන ආකාරයත් ගැනයි. ට්‍රැක්ෂන් මෝටරයේ කොටස් හැදීම එක්ලස් කිරීමේ සිට එය දුම් රිය ඇක්සලයට සවි කිරීම දක්වා පැහැදිලි විස්තරාත්මක කරුණු ටිකක් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.

Saturday, April 30, 2016

අති නවීන යන්ත්‍රානුසාරයෙන් දුම් රිය මාර්ග ඉදි කරන ආකාරය.


අතීතයේ දුම් රිය මාර්ග ඉදි කිරීම අද තරම් තාක්ෂනය අතින් දියුනු නොවූ අතර මිනිස් ශ්‍රමය වැඩි වශයෙන් යොදා ගැනිනි. එහෙත් අද බොහෝ රටවල මේ කාර්ය සිදුවන්නේ අති නවීන යන්ත්‍රානුසාරයෙනි.

Saturday, March 26, 2016

ලොව වේගවත්ම දුම් රිය ධාවන වාර්තාව


දැනට ලොව වේගවත්ම දුම් රිය ධාවන වාර්තාව තබා ඇත්තේ ප්‍රංශයේ TGV විදුලි දුම් රියයි. එය පැයට කිලෝමීටර 574.8ක්.

Friday, February 19, 2016

ඩීසල් හයිඩ්‍රොලික් එන්ජිමේ බල සම්ප්‍රේශනය

ඩීසල් හයිඩ්‍රොලික් එන්ජින් වල බලය රෝද වලට සම්ප්‍රේශනය වෙලා චලනය ඇති කරන්නේ ඉන්ධන දහන එන්ජිමේ බලය ද්‍රවස්ථිතික පීඩන සම්ප්‍රේශන ක්‍රමය මගින් වර්ධනය කිරීමෙන් පසුවයි. මෙතනදී " Fluid coupling " කියන තාක්ෂණ ක්‍රමවේදය යෙදෙනවා. වැඩි දියුණු කර සාදා තිබෙන මේ ආකාරයේ එන්ජින් වල ( Torque converter ) ටෝක් කන්වර්ටර් කියන උපාංගය භාවිතාවෙන් බලය වර්ධනය හා සම්ප්‍රේශනය සිදු කෙරෙනවා.

ඩීසල් හයිඩ්‍රොලික් එන්ජින් වල බල සම්ප්‍රේශනයේ සරල ආකෘති



" Fluid coupling " තාක්ෂණය දැක්වෙන ආකෘතියක්


" Torque converter " තාක්ෂණය දැක්වෙන ආකෘතියක්






නවීන " Torque converter " එකක්



" Torque converter " එකක් දුම් රිය එන්ජිමේ සවි වන ආකාරය


" Fluid coupling  " තාක්ෂණය විදහා දක්වන වීඩියෝ දර්ශන කීපයක්





 " Torque converter  " තාක්ෂණය විදහා දක්වන වීඩියෝ දර්ශන කීපයක්