Saturday, November 7, 2015

දුම් රිය වර්ග

ලොව දුම් රිය විවිධත්වයක් තිබේ. දුම් රියේ චලනය ඇතිකරන ප්‍රධාන බල සැපයුම අනුව මූලිකව වර්ග කිරීමක් කළොත් පහත පරිදි අපට දු රිය වර්ග හඳුනා ගත හැක

1) වාශ්ප බලයෙන් ධාවනය වන දුම් රිය

2) ඛනිජ තෙල් (ඩීසල් ) බලයෙන් ධාවනය වන දුම් රිය

3) විදුලි දුම් රිය

4) විද්‍යුත් චුම්භක ඉපිලීම ආධාරයෙන් ධාවනය කරන දුම් රිය


වාශ්ප බලයෙන් ධාවනය වන දුම් රිය


ගල් අඟුරු දහනය මගින් ජලය තාපගන්වා ඇතිවන හුමාලයෙන් පිස්ටනයක් චලනය කරවයි.


ඛනිජ තෙල් (ඩීසල් ) බලයෙන් ධාවනය වන දුම් රිය

ඩීසල් බලයෙන් ධාවනය වන දුම් රිය එන්ජින් වල චලනය ඇති කරන තාක්ෂණය අනුව කොටස් ප්‍රධාන දෙකක් හඳුනාගත හැක.

1) ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින්


මෙහිදී භාවිතා වන තාක්ෂණය වන්නේ ඩීසල් එන්ජිමෙන් විදුලි ජනක යන්ත්‍රක් ක්‍රියා කරවා එයින් ජනනය වන විදිලිබලයෙන් ක්‍රියාත්මක විදුලි මෝටර් හරහා චලනය ඇති කිරීමයි.




2) ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජින්



මෙහිදී සිදුවන්නේ ඩීසල් එන්ජිමෙන් ලැබෙන බලය ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශන පද්දතියක් හරහා බලය වැඩි කර ඇක්සල් මගින් රෝද වලට එම බලය ලබා දී චලනය ඇති කිරීමයි.






විදුලි දුම් රිය


දුම් රිය මාර්ගයට ඉහලින් යන ප්‍රධාන විදුලි සැපයුම් පද්දතියකින් විදුලිය ලබාගෙන විදුලි මෝටර් මගින් රෝද වලට චලනය ලබාදීම මෙහිදී සිදුවේ.






විද්‍යුත් චුම්භක ඉපිලීම ආධාරයෙන් ධාවනය කරන දුම් රිය 



මෙහිදී දුම් රියේ ආධාරකය හා දුම් රිය අතර චුම්භක බල ධාරාවන් ඇතිකර ඉහලට ඉපිලුම හා ඉදිරිපස පසුපස චලනය සිදු කරයි.







මෙම තාක්ෂණය භාවිතා කරන දුම් රිය අද ලොව වේගය අතින් ඉහලම තැනක් හිමි කරගෙන ඇත.

6 comments:

  1. නැවතත් වටිනා තොරතුරු ටිකක් අප වෙත ගෙන ඇවිත් ඔබ. තව තවත් මේ වගේ වැදගත් තොරතුරු බ්ලොග් පාඨකයා වෙත ගෙන එන්න. දිගටම ලියන්න.

    ReplyDelete
  2. thank you වේවා මේ තොරතුරු ටික දැම්මට

    ReplyDelete
    Replies
    1. Thanks මේ පැත්තේ දිගටම එන්න

      Delete
  3. මේ ලිපි වල තිබෙන වැදගත්කම තමයි සාමාන්‍යයෙන් අපේ අසනොගැටෙන තොරතුරු බිලොග් අවකාශයට රැගෙන ඒම.මෙවනි ලිපියකින් හැරුනම මේ තොරතුරු ගැන දැනගන්න ලැබෙන අවස්ථා බොහෝම අඩුයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ තොරතුරු හොයා ගන්නත් ටිකක් මහන්සි උන. පෝස්ට් එකේ වටිනාකම දැකපු එක ගැන ස්තුතියි.

      Delete