Thursday, December 24, 2015

ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය.

ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය පිළිබඳ සරල ආකෘතියක් පහත රූපයේ දැක්වේ.


                                           ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමක මූලිකව සිදුවන්නේ ඩීසල් දහන එන්ජිමේ බලය ද්‍රවස්ථිතික බල වර්ධක පද්ධතියක් මගින් වැඩිකර ඇක්සල් ආධාර බල සම්ප්‍රේශන පද්ධතියක් හරහා රෝද වලට  ලබා දීමයි.


සවිස්තර රූපසටහන් පෙලක් පහත










පින්තූර තොරතුරු මූලාශ්‍ර
http://hijack-engineeringcorner.blogspot.com/2013_10_10_archive.html

ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශන පද්ධතිය මෙහිදී ඩීසල් එන්ජිමේ බලය විශාල පරිමාණයකින් වැඩිකර දෙනු ලබයි. එසේ නොවී ඩීසල් එන්ජිමේ බලය පමණක් දුම් රියක් චලනය කිරීමට ප්‍රමාණවත් නැත.

ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමේ ක්‍රියාකාරිත්වය දක්වන වීඩියෝව.



ද්‍රවස්ථිතික බල වර්ධක පද්ධතියෙන් පසුව බලය සම්ප්‍රේශනය වන්නේ ගියර් පද්දතියටයි එන්ජිම චලනය වන දිශාව වේගය ආදිය මේ තුලින් පාලනය වේ ගියර් පද්දතිය විසින් ඇක්සල් වලට හා රෝද වලට බලය සම්ප්‍රේශනය කරයි.

6 comments:

  1. අඟහරු අඩවිය පැත්තේ ගිය ගමන්මයි මෙහාටත් ආවේ. හරි අපූරු බ්ලොග් දෙකක් ඔබ දුම් රිය තාක්ෂණික තොරතුරු ගෙනෙනවා. අඟහරු අපිට ලස්සන කෝච්චි ගමනක විස්තර ගෙනෙනවා. කියන්න වරදක් නෑ මේ පෝස්ට් එකත් සුපුරුදු පරිදි අපට අළුතෙන් දනුම එක්කරල තියෙනව. එහෙනම් දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් දිගටම මේ පැත්තේ ඇවිත් යන්න

      Delete
  2. හයිඩ්රෝලික් එන්ජින් ගැන මීට වඩා ලොකු විස්තරයක් කල හැකියි. මගේ බ්ලොග් එකෙත් මම විස්තර ටිකක් ලියල තියනවා. හයිඩ්රෝලික් එන්ජිමක ක්‍රියාකාරීත්වය මම ෆේස්බුක් ඒකෙ කිහිප තැනකම විස්තර කොට තිබෙනවා. ඒවා කියවන්න අවස්තාවක් ලැබුනා නම් මෙම සටහනට මෙයට වඩා විස්තර ඇතුලත් වීමට ඉඩ තිබුනා. දැන් තියන හයිඩ්රෝලික් එන්ජින් වල කෙලින්ම ෆ්ලුයිඩ් කප්ලින් එක දෙන්නේ නෑ. දැන් තියන්නේ ටෝක් කන්වර්ටර් එකක්. DMU වල තමා තවම ෆ්ලුයිඩ් කප්ලින් එක පාවිච්චි වෙන්නේ. ටෝක් එක වැඩි වීමක් ෆ්ලුයිඩ් කප්ලින් එකේදී වෙන්නේ නෑ. ඒක වෙන්නේ ටෝක් කන්වර්ටරේ.
    තව මෙතනත් ඩයිනමික් බ්‍රේක් ගැන කතා කරන්න පුළුවන්. ඒක කෙරෙන්නේත් සුවිශේෂී ක්‍රමයකට. මේකෙදි රෙසිස්ටර් ග්‍රිඩ්, ඩයිනමික් ෆෑන් ඕනේ නෑ.

    ReplyDelete
    Replies
    1. මම මේ විස්තර දාල වෙනම පෝස්ට් එකක් දාන්නම්

      Delete
  3. ඔබ ලියන ලිපි හරිම වටිනවා ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිගටම මේ පැත්තේ ඇවිත් යන්න

      Delete