Saturday, October 10, 2015

ලොව දුම් රිය ප්‍රවාහනයේ ආරම්භය


මුල්ම ගල් අඟුරු දුම් රිය එන්ජිම නිපදවූ ජෝජ් ස්ටීවන්සන්


රොකට් නමින් හැඳින්වූ ලොව මුල්ම සාර්ථක දුම් රිය එන්ජිම

කෝච්චි ගැන කතා කරනකොට ඔන්න කෝච්චි වල ඉතිහාසය ගැන පොඩ්ඩක් විතර මතක් කරල පටන් ගන්න එක හොඳයි කියලා හිතුනා. අපි කවූරුත් සාමාන්‍ය දැනීමෙන් දන්න දෙයක් තමයි ලෝකයේ මුල්ම සාර්ථක ගල් අඟුරු දුම් රිය එන්ජිම නිපදවමින් එහි ගෞරවය ලබාගෙන තියෙන්නේ ජෝජ් ස්ටීවන්සන් කියන එක. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මීට කලින් ජේම්ස් වොට් විසින් නිපදවූ වාෂ්ප එන්ජිමේ ආකෘතිය අනුව මෙය නිපදවා තිබුණේ ගල් අඟුරු පතල් වල ගල් අඟුරු ප්‍රවාහනයටයි. මෙලෙස ජෝජ් ස්ටීවන්සන් විසින් රොකට් නමින් හැඳින්වූ මුල්ම සාර්ථක ගල් අඟුරු දුම් රිය එන්ජිම අත්හදා බලල තියෙන්නේ 1814 වසරේයි. එතැන් පටන් පසු කාලීනව මේ දුම් රිය එන්ජිම වැඩි දියුණු වෙමින් බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන සේවයට එක්තු වී තිබෙනවා.

12 comments:

  1. ඔන්න අපිත් ආවා. කරගෙන යන්න දිගටම. නිවැරදි විස්තර එක්ක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete
  2. අළුත් බ්ලොග් එකට මගෙනුත් සුබපැතුම්. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇවිත් අදහස් එකතු කළාට

      Delete
  3. මගේ බ්ලොග් එක පැත්තේ ආවට ස්තුතියි. ඔන්න මමත් මේ පැත්තට ඇවිත් යන්න ආවා. ඉදිරියටත් සාර්ථකව බ්ලොග් එක කරගෙන යන්න මගෙනුත් සුබපැතුම්.

    ReplyDelete
  4. ස්ටීවන්සන් හිටපු කොටේජ් එක (Dial Cottage) තියෙන්නෙ අපි ඉන්න පැත්තේ. එතන තමයි එයා රොකට් එන්ජිම අත්හදා බැලුවේ. මෙතනට ගියොත් විස්තර බලාගත්තෑකි. අත්හදා
    http://newcastlephotos.blogspot.co.uk/2011/03/dial-cottage-george-stephensons-cottage.html

    ReplyDelete
    Replies
    1. සතුටුයි කාරනේ දැන්වුවාට. මම link එක බලන්නම්

      Delete
  5. Wonderful page bro. keep going on.

    ReplyDelete
  6. පිළිවෙලකට වැඩේ යනවා නේද????

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු. දිගටම මේ පැත්තේ ඇවිත් යන්න.

      Delete