Saturday, November 21, 2015

ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරිත්වය

ඩීසල් බලයෙන් ධාවනය වන දුම් රිය එන්ජින් වල ප්‍රධානම ආකාරය වන්නේ ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වේ. මෙහිදී දුම් රිය එන්ජිමේ අවසන් චලනය ඇති කරවන්නේ ඇක්සල් වලට සම්බන්ධ විදුලි මෝටර් වලිනි. ඩීසල් දහන එන්ජිමෙන් මූලිකව කරනු ලබන්නේ ඊට සම්බන්ධ විදුලි ජනක යන්ත්‍රය ක්‍රියා කරවීමයි. එන්ජිමේ ඇක්සල් වලට සම්බන්ධ විදුලි මෝටර් හෙවත් ට්‍රැක්ෂන් මෝටර් (Traction motor ) වලට විදුලි බලය ලබා දෙන්නේ මේ විදුලි ජනක යන්ත්‍රය මගිනි.

ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරිත්වය පෙන්වන දල රූප සටහන් කීපයක්





දුම් රිය එන්ජින් වල භාවිතා වන ඩීසල් දහන එන්ජින්







ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වල භාවිතා වන විදුලි ජනක යන්ත්‍ර











ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වල අවසන් චලනය ඇතිකරන ට්‍රැක්ෂන් මෝටර් (Traction motor)








ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වල ඇක්සල් හා රෝද







ට්‍රැක්ෂන් මෝටර් දුම් රිය එන්ජින් ඇක්සලයට සම්බන්ධ වන ආකාරය














 ට්‍රැක්ෂන් මෝටර් ගැන කියනකොට තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි දුම්‍රිය එන්ජින් වල භාවිතා වෙන ඉලෙක්ට්‍රො ඩයිනමික් තිරිංග පද්දති ක්‍රියා කරන්නේ මේ ට්‍රැක්ෂන් මෝටර් ඇසුරෙන්මයි. එතැනදී වෙන්නේ දුම් රිය චලනය වන දිශාවට එමචලනය පවත්වාගන්න මෝටර් වලට ලබා දෙන විදුලි බලයට ප්‍රතිවිරුද්ධව විදුලි බලයක් එම මෝටර් වලටම ලබා දීමයි. එහිදී මෝටර් වලින් චලනය ඇති කරන දිශාවට ප්‍රති විරුද්ධ දිශාවට බලයක් ගොඩ නැගීමෙන් දුම් රියේ වේගය අඩු වීම සිදු වෙනවා.



ට්‍රැක්ෂන් මෝටර් හා සම්බන්ධ ඇක්සල් හා රෝද බොගියට සම්බන්ධ කළ පසු









මේ තාක්ෂණයට නිමවූ දුම් රිය එන්ජිමක්





ඇත්තටම දුම් රිය එන්ජින් වලට මෙවැනි තාක්ෂණයක් අවශ්‍ය ඇයි? ඩීසල් දහන එන්ජිමෙන් ලැබෙන බලය ගියර් බොක්ස් එකක් හරහා ඇක්සල් මගින් කෙලින්ම රෝද වලට සම්ප්‍රේශනය කරන්න බැරිද? ඇත්තෙන්ම බැරි කමක් නෑ. නමුත් ඒ ක්‍රමය දුම් රිය එන්ජිමකට යොදා ගැනීම එතරම් ප්‍රායෝගික නෑ. ඊට හේතුව වෙන්නේ සාමාන්‍ය මෝටර් වාහනයකින් අදින බර ප්‍රමාණයට වඩා විශාල බරක් දුම් රිය එන්ජින් වලින් ඇදීම කෙරෙන නිසා ඩීසල් දහන එන්ජිමෙන් ලැබෙන බලය ගියර් බොක්ස් එකක් හරහා ඇක්සල් මගින් රෝද වලට සම්ප්‍රේශනය කරන්නට යෑමේදී ගියර් බොක්ස් වල දැති රෝද පැනීම හිර වීම හා ඇක්සල් කැඩී යාම පවා සිදු වෙන්න වැඩි සම්භාවිතාවයක් තිබීමයි. ඒ අනුව බලන විට දුම් රිය එන්ජිමක චලනය ඇති කිරීමට යොදාගත හැකි සාර්ථකම ක්‍රමයක් වන්නේ ඩීසල් දහන එන්ජිමෙන් විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියා කරවා එයින් ලැබෙන විදුලි බලය රෝද වලට සම්බන්ධ විදුලි මෝටර් වලට ලබා දී එමගින් අවසන් චලනය ඇති කිරීමයි.

Saturday, November 7, 2015

දුම් රිය වර්ග

ලොව දුම් රිය විවිධත්වයක් තිබේ. දුම් රියේ චලනය ඇතිකරන ප්‍රධාන බල සැපයුම අනුව මූලිකව වර්ග කිරීමක් කළොත් පහත පරිදි අපට දු රිය වර්ග හඳුනා ගත හැක

1) වාශ්ප බලයෙන් ධාවනය වන දුම් රිය

2) ඛනිජ තෙල් (ඩීසල් ) බලයෙන් ධාවනය වන දුම් රිය

3) විදුලි දුම් රිය

4) විද්‍යුත් චුම්භක ඉපිලීම ආධාරයෙන් ධාවනය කරන දුම් රිය


වාශ්ප බලයෙන් ධාවනය වන දුම් රිය


ගල් අඟුරු දහනය මගින් ජලය තාපගන්වා ඇතිවන හුමාලයෙන් පිස්ටනයක් චලනය කරවයි.


ඛනිජ තෙල් (ඩීසල් ) බලයෙන් ධාවනය වන දුම් රිය

ඩීසල් බලයෙන් ධාවනය වන දුම් රිය එන්ජින් වල චලනය ඇති කරන තාක්ෂණය අනුව කොටස් ප්‍රධාන දෙකක් හඳුනාගත හැක.

1) ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින්


මෙහිදී භාවිතා වන තාක්ෂණය වන්නේ ඩීසල් එන්ජිමෙන් විදුලි ජනක යන්ත්‍රක් ක්‍රියා කරවා එයින් ජනනය වන විදිලිබලයෙන් ක්‍රියාත්මක විදුලි මෝටර් හරහා චලනය ඇති කිරීමයි.




2) ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජින්



මෙහිදී සිදුවන්නේ ඩීසල් එන්ජිමෙන් ලැබෙන බලය ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශන පද්දතියක් හරහා බලය වැඩි කර ඇක්සල් මගින් රෝද වලට එම බලය ලබා දී චලනය ඇති කිරීමයි.






විදුලි දුම් රිය


දුම් රිය මාර්ගයට ඉහලින් යන ප්‍රධාන විදුලි සැපයුම් පද්දතියකින් විදුලිය ලබාගෙන විදුලි මෝටර් මගින් රෝද වලට චලනය ලබාදීම මෙහිදී සිදුවේ.






විද්‍යුත් චුම්භක ඉපිලීම ආධාරයෙන් ධාවනය කරන දුම් රිය 



මෙහිදී දුම් රියේ ආධාරකය හා දුම් රිය අතර චුම්භක බල ධාරාවන් ඇතිකර ඉහලට ඉපිලුම හා ඉදිරිපස පසුපස චලනය සිදු කරයි.







මෙම තාක්ෂණය භාවිතා කරන දුම් රිය අද ලොව වේගය අතින් ඉහලම තැනක් හිමි කරගෙන ඇත.

Sunday, November 1, 2015

දුම් රිය මාර්ග ප්‍රමිතීන්

ලොව දුම් රිය ධාවනය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යක් ලෙස ව්‍යාප්ත වීමත් සමග විවිධ ප්‍රමිතීන් වල දුම් රිය මාර්ග පද්දති ව්‍යාප්ත විය. මේ දුම් රිය මාර්ග ප්‍රමිතියේ ප්‍රධාන සාධකේ වෙන්නේ මාර්ගයේ පීලි දෙක අතර පරතරයයි. ලොව මුලින්ම දුම්‍රිය තාක්ෂණය ව්‍යාප්ත වුනු කාලයේ විවිධ රටවල විවිධ ප්‍රදේශ වල මේ පීලි අතර පරතරය අඟල් 15 සිට අඩි  7යි අඟල් 1/4 දක්වා විවිධ පරතරයන් වල දුම් රිය මාර්ග තිබුණි. පසු කලක බොහෝ රටවල් එකම ප්‍රමිතියකට දුම් රිය මාර්ග පද්දතීන් සකස් කරගන්නට විය. මෙහිදී පීලි අතර පරතරය අඩි 4යි අඟල් 8 1/2 සාමාන්‍ය ප්‍රමිතිය ලෙස බොහෝ රටවල් පිළිගෙන තිබූ අතර මේ සම්මත පලලට වඩා අඩු වැඩි බොහොමයක් මාර්ග මෙම සම්මතයට සකස් කරගැනීමට බොහෝ රටවල් කටයුතු කර ඇත. කෙසේ නමුත් මීට අඩු හා වැඩි පරතරයන් සහිත දුම් රිය මාර්ගද සෙසු ප්‍රමිතීන් ලෙස තවමත් බොහෝ රටවල දක්නට ඇත.



මූලිකම ප්‍රමිතීන්ට අනුව පීලි අතර පරතරය මත දුම් රිය මාර්ග ප්‍රධාන කොටස් 3කට දැක්විය හැක. ඒ පටු පරතර , සම්මත ප්‍රමිතියේ පරතරය හා පුළුල් පරතර යනුවෙනි.


මෙහිදී අපේ රටේ දුම් රිය මාර්ග අයත් වන්නේ පුළුල් පරතර සහිත මාර්ග වර්ගයටයි. අපේ රට සමග මේ ප්‍රමිතියට අයත් ලොව සෙසු රටවල් වන්නේ ඉන්දියාව, පාකිස්ථානය,චිලී සහ ආජන්ටිනා යන රටවල් වේ.  එම පුළුල් පරතර ප්‍රමිතියට අනුව ශ්‍රී ලංකාවේ හා ඉන්දියාව පාකිස්ථානය චිලී ආජන්ටිනා යන රටවල දුම් රිය මාර්ග වල පීලි අතර පරතරය අඩි 5යි අඟල් 6කි. එනම් පුළුල් පරතර ප්‍රමිතියට අතුලත් වේ.




ශ්‍රී ලංකාවේ දුම් රිය මාර්ග ආකෘතිය. පීලි අතර පරතරය අඩි 5යි අඟල් 6යි.

අතීතයේ අපේ රටේ භාවිතා වූ පටු දුම් රිය මාර්ග මේ වන විට භාවිතයේ නැති අතර එහි පීලි අතර පරතරය අඩි 2යි අඟල් 6ක් විය.