Showing posts with label දුම් රිය මාර්ග. Show all posts
Showing posts with label දුම් රිය මාර්ග. Show all posts

Saturday, April 30, 2016

අති නවීන යන්ත්‍රානුසාරයෙන් දුම් රිය මාර්ග ඉදි කරන ආකාරය.


අතීතයේ දුම් රිය මාර්ග ඉදි කිරීම අද තරම් තාක්ෂනය අතින් දියුනු නොවූ අතර මිනිස් ශ්‍රමය වැඩි වශයෙන් යොදා ගැනිනි. එහෙත් අද බොහෝ රටවල මේ කාර්ය සිදුවන්නේ අති නවීන යන්ත්‍රානුසාරයෙනි.

Sunday, November 1, 2015

දුම් රිය මාර්ග ප්‍රමිතීන්

ලොව දුම් රිය ධාවනය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යක් ලෙස ව්‍යාප්ත වීමත් සමග විවිධ ප්‍රමිතීන් වල දුම් රිය මාර්ග පද්දති ව්‍යාප්ත විය. මේ දුම් රිය මාර්ග ප්‍රමිතියේ ප්‍රධාන සාධකේ වෙන්නේ මාර්ගයේ පීලි දෙක අතර පරතරයයි. ලොව මුලින්ම දුම්‍රිය තාක්ෂණය ව්‍යාප්ත වුනු කාලයේ විවිධ රටවල විවිධ ප්‍රදේශ වල මේ පීලි අතර පරතරය අඟල් 15 සිට අඩි  7යි අඟල් 1/4 දක්වා විවිධ පරතරයන් වල දුම් රිය මාර්ග තිබුණි. පසු කලක බොහෝ රටවල් එකම ප්‍රමිතියකට දුම් රිය මාර්ග පද්දතීන් සකස් කරගන්නට විය. මෙහිදී පීලි අතර පරතරය අඩි 4යි අඟල් 8 1/2 සාමාන්‍ය ප්‍රමිතිය ලෙස බොහෝ රටවල් පිළිගෙන තිබූ අතර මේ සම්මත පලලට වඩා අඩු වැඩි බොහොමයක් මාර්ග මෙම සම්මතයට සකස් කරගැනීමට බොහෝ රටවල් කටයුතු කර ඇත. කෙසේ නමුත් මීට අඩු හා වැඩි පරතරයන් සහිත දුම් රිය මාර්ගද සෙසු ප්‍රමිතීන් ලෙස තවමත් බොහෝ රටවල දක්නට ඇත.



මූලිකම ප්‍රමිතීන්ට අනුව පීලි අතර පරතරය මත දුම් රිය මාර්ග ප්‍රධාන කොටස් 3කට දැක්විය හැක. ඒ පටු පරතර , සම්මත ප්‍රමිතියේ පරතරය හා පුළුල් පරතර යනුවෙනි.


මෙහිදී අපේ රටේ දුම් රිය මාර්ග අයත් වන්නේ පුළුල් පරතර සහිත මාර්ග වර්ගයටයි. අපේ රට සමග මේ ප්‍රමිතියට අයත් ලොව සෙසු රටවල් වන්නේ ඉන්දියාව, පාකිස්ථානය,චිලී සහ ආජන්ටිනා යන රටවල් වේ.  එම පුළුල් පරතර ප්‍රමිතියට අනුව ශ්‍රී ලංකාවේ හා ඉන්දියාව පාකිස්ථානය චිලී ආජන්ටිනා යන රටවල දුම් රිය මාර්ග වල පීලි අතර පරතරය අඩි 5යි අඟල් 6කි. එනම් පුළුල් පරතර ප්‍රමිතියට අතුලත් වේ.




ශ්‍රී ලංකාවේ දුම් රිය මාර්ග ආකෘතිය. පීලි අතර පරතරය අඩි 5යි අඟල් 6යි.

අතීතයේ අපේ රටේ භාවිතා වූ පටු දුම් රිය මාර්ග මේ වන විට භාවිතයේ නැති අතර එහි පීලි අතර පරතරය අඩි 2යි අඟල් 6ක් විය.