ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය පිළිබඳ සරල ආකෘතියක් පහත රූපයේ දැක්වේ.
ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමක මූලිකව සිදුවන්නේ ඩීසල් දහන එන්ජිමේ බලය ද්‍රවස්ථිතික බල වර්ධක පද්ධතියක් මගින් වැඩිකර ඇක්සල් ආධාර බල සම්ප්‍රේශන පද්ධතියක් හරහා රෝද වලට ලබා දීමයි.
සවිස්තර රූපසටහන් පෙලක් පහත
පින්තූර තොරතුරු මූලාශ්‍ර
http://hijack-engineeringcorner.blogspot.com/2013_10_10_archive.html
ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශන පද්ධතිය මෙහිදී ඩීසල් එන්ජිමේ බලය විශාල පරිමාණයකින් වැඩිකර දෙනු ලබයි. එසේ නොවී ඩීසල් එන්ජිමේ බලය පමණක් දුම් රියක් චලනය කිරීමට ප්‍රමාණවත් නැත.
ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමේ ක්‍රියාකාරිත්වය දක්වන වීඩියෝව.
ද්‍රවස්ථිතික බල වර්ධක පද්ධතියෙන් පසුව බලය සම්ප්‍රේශනය වන්නේ ගියර් පද්දතියටයි එන්ජිම චලනය වන දිශාව වේගය ආදිය මේ තුලින් පාලනය වේ ගියර් පද්දතිය විසින් ඇක්සල් වලට හා රෝද වලට බලය සම්ප්‍රේශනය කරයි.
පසුගිය පෝස්ට් එකෙන් ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි කිරීමක් කළා. මේ එම පෝස්ට් එකෙන් පැහැදිලි කළ කරුණු සම්බන්ධයෙන් මට සොයාගන්නට ලැබුණු වීඩියෝ දර්ශන දෙකක්. මේ තුලින් පසුගිය වතාවේ මා ඉදිරිපත් කළ තොරතුරු සැකෙවින් විස්තර කිරීමක් බලාගන්නට හැකියි.
ඩීසල් බලයෙන් ධාවනය වන දුම් රිය එන්ජින් වල ප්‍රධානම ආකාරය වන්නේ ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වේ. මෙහිදී දුම් රිය එන්ජිමේ අවසන් චලනය ඇති කරවන්නේ ඇක්සල් වලට සම්බන්ධ විදුලි මෝටර් වලිනි. ඩීසල් දහන එන්ජිමෙන් මූලිකව කරනු ලබන්නේ ඊට සම්බන්ධ විදුලි ජනක යන්ත්‍රය ක්‍රියා කරවීමයි. එන්ජිමේ ඇක්සල් වලට සම්බන්ධ විදුලි මෝටර් හෙවත් ට්‍රැක්ෂන් මෝටර් (Traction motor ) වලට විදුලි බලය ලබා දෙන්නේ මේ විදුලි ජනක යන්ත්‍රය මගිනි.
ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරිත්වය පෙන්වන දල රූප සටහන් කීපයක්
දුම් රිය එන්ජින් වල භාවිතා වන ඩීසල් දහන එන්ජින්
ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වල භාවිතා වන විදුලි ජනක යන්ත්‍ර
ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වල අවසන් චලනය ඇතිකරන ට්‍රැක්ෂන් මෝටර් (Traction motor)
ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වල ඇක්සල් හා රෝද
ට්‍රැක්ෂන් මෝටර් දුම් රිය එන්ජින් ඇක්සලයට සම්බන්ධ වන ආකාරය
ට්‍රැක්ෂන් මෝටර් ගැන කියනකොට තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි දුම්‍රිය එන්ජින් වල භාවිතා වෙන ඉලෙක්ට්‍රො ඩයිනමික් තිරිංග පද්දති ක්‍රියා කරන්නේ මේ ට්‍රැක්ෂන් මෝටර් ඇසුරෙන්මයි. එතැනදී වෙන්නේ දුම් රිය චලනය වන දිශාවට එමචලනය පවත්වාගන්න මෝටර් වලට ලබා දෙන විදුලි බලයට ප්‍රතිවිරුද්ධව විදුලි බලයක් එම මෝටර් වලටම ලබා දීමයි. එහිදී මෝටර් වලින් චලනය ඇති කරන දිශාවට ප්‍රති විරුද්ධ දිශාවට බලයක් ගොඩ නැගීමෙන් දුම් රියේ වේගය අඩු වීම සිදු වෙනවා.
ට්‍රැක්ෂන් මෝටර් හා සම්බන්ධ ඇක්සල් හා රෝද බොගියට සම්බන්ධ කළ පසු
මේ තාක්ෂණයට නිමවූ දුම් රිය එන්ජිමක්
ඇත්තටම දුම් රිය එන්ජින් වලට මෙවැනි තාක්ෂණයක් අවශ්‍ය ඇයි? ඩීසල් දහන එන්ජිමෙන් ලැබෙන බලය ගියර් බොක්ස් එකක් හරහා ඇක්සල් මගින් කෙලින්ම රෝද වලට සම්ප්‍රේශනය කරන්න බැරිද? ඇත්තෙන්ම බැරි කමක් නෑ. නමුත් ඒ ක්‍රමය දුම් රිය එන්ජිමකට යොදා ගැනීම එතරම් ප්‍රායෝගික නෑ. ඊට හේතුව වෙන්නේ සාමාන්‍ය මෝටර් වාහනයකින් අදින බර ප්‍රමාණයට වඩා විශාල බරක් දුම් රිය එන්ජින් වලින් ඇදීම කෙරෙන නිසා ඩීසල් දහන එන්ජිමෙන් ලැබෙන බලය ගියර් බොක්ස් එකක් හරහා ඇක්සල් මගින් රෝද වලට සම්ප්‍රේශනය කරන්නට යෑමේදී ගියර් බොක්ස් වල දැති රෝද පැනීම හිර වීම හා ඇක්සල් කැඩී යාම පවා සිදු වෙන්න වැඩි සම්භාවිතාවයක් තිබීමයි. ඒ අනුව බලන විට දුම් රිය එන්ජිමක චලනය ඇති කිරීමට යොදාගත හැකි සාර්ථකම ක්‍රමයක් වන්නේ ඩීසල් දහන එන්ජිමෙන් විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියා කරවා එයින් ලැබෙන විදුලි බලය රෝද වලට සම්බන්ධ විදුලි මෝටර් වලට ලබා දී එමගින් අවසන් චලනය ඇති කිරීමයි.