Showing posts with label දුම් රිය තාක්ෂණය. Show all posts
Showing posts with label දුම් රිය තාක්ෂණය. Show all posts

Saturday, July 16, 2016

ට්‍රැක්ෂන් මොටරයක නිමැවුම


ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වල අවසන් චලනය ඇති කරන්නේ දුම් රිය ඇක්සල් වලට සම්බන්ධ කර ඇති විදුලි බලයෙන් ක්‍රියා කරන ට්‍රැක්ෂන් මෝටර් මගින්. මේ ට්‍රැක්ෂන් මෝටර් AC සහ DC යන දෙවර්ගයෙන්ම ලොව විවිධ දුම් රිය එන්ජින් වල දැකගන්න පුළුවන්. දුම් රිය තොරතුරු ගැන උනන්දුවක් ඇති බොහෝ දෙනෙක් මේ ට්‍රැක්ෂන් මෝටර් ගැන අහල ඇති. සමහර විට ට්‍රැක්ෂන් මෝටර්යක් හැදෙන ආකාරය දැකල නැතුව ඇති. මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ එවැනි ට්‍රැක්ෂන් මෝටරයක සියළු කොටස් නිමවන ආකාරයත් එක්ලස් කරන ආකාරයත් ගැනයි. ට්‍රැක්ෂන් මෝටරයේ කොටස් හැදීම එක්ලස් කිරීමේ සිට එය දුම් රිය ඇක්සලයට සවි කිරීම දක්වා පැහැදිලි විස්තරාත්මක කරුණු ටිකක් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.

Saturday, April 30, 2016

අති නවීන යන්ත්‍රානුසාරයෙන් දුම් රිය මාර්ග ඉදි කරන ආකාරය.


අතීතයේ දුම් රිය මාර්ග ඉදි කිරීම අද තරම් තාක්ෂනය අතින් දියුනු නොවූ අතර මිනිස් ශ්‍රමය වැඩි වශයෙන් යොදා ගැනිනි. එහෙත් අද බොහෝ රටවල මේ කාර්ය සිදුවන්නේ අති නවීන යන්ත්‍රානුසාරයෙනි.

Saturday, March 26, 2016

ලොව වේගවත්ම දුම් රිය ධාවන වාර්තාව


දැනට ලොව වේගවත්ම දුම් රිය ධාවන වාර්තාව තබා ඇත්තේ ප්‍රංශයේ TGV විදුලි දුම් රියයි. එය පැයට කිලෝමීටර 574.8ක්.

Friday, February 19, 2016

ඩීසල් හයිඩ්‍රොලික් එන්ජිමේ බල සම්ප්‍රේශනය

ඩීසල් හයිඩ්‍රොලික් එන්ජින් වල බලය රෝද වලට සම්ප්‍රේශනය වෙලා චලනය ඇති කරන්නේ ඉන්ධන දහන එන්ජිමේ බලය ද්‍රවස්ථිතික පීඩන සම්ප්‍රේශන ක්‍රමය මගින් වර්ධනය කිරීමෙන් පසුවයි. මෙතනදී " Fluid coupling " කියන තාක්ෂණ ක්‍රමවේදය යෙදෙනවා. වැඩි දියුණු කර සාදා තිබෙන මේ ආකාරයේ එන්ජින් වල ( Torque converter ) ටෝක් කන්වර්ටර් කියන උපාංගය භාවිතාවෙන් බලය වර්ධනය හා සම්ප්‍රේශනය සිදු කෙරෙනවා.

ඩීසල් හයිඩ්‍රොලික් එන්ජින් වල බල සම්ප්‍රේශනයේ සරල ආකෘති



" Fluid coupling " තාක්ෂණය දැක්වෙන ආකෘතියක්


" Torque converter " තාක්ෂණය දැක්වෙන ආකෘතියක්






නවීන " Torque converter " එකක්



" Torque converter " එකක් දුම් රිය එන්ජිමේ සවි වන ආකාරය


" Fluid coupling  " තාක්ෂණය විදහා දක්වන වීඩියෝ දර්ශන කීපයක්





 " Torque converter  " තාක්ෂණය විදහා දක්වන වීඩියෝ දර්ශන කීපයක්






Thursday, December 24, 2015

ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය.

ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය පිළිබඳ සරල ආකෘතියක් පහත රූපයේ දැක්වේ.


                                           ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමක මූලිකව සිදුවන්නේ ඩීසල් දහන එන්ජිමේ බලය ද්‍රවස්ථිතික බල වර්ධක පද්ධතියක් මගින් වැඩිකර ඇක්සල් ආධාර බල සම්ප්‍රේශන පද්ධතියක් හරහා රෝද වලට  ලබා දීමයි.


සවිස්තර රූපසටහන් පෙලක් පහත










පින්තූර තොරතුරු මූලාශ්‍ර
http://hijack-engineeringcorner.blogspot.com/2013_10_10_archive.html

ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශන පද්ධතිය මෙහිදී ඩීසල් එන්ජිමේ බලය විශාල පරිමාණයකින් වැඩිකර දෙනු ලබයි. එසේ නොවී ඩීසල් එන්ජිමේ බලය පමණක් දුම් රියක් චලනය කිරීමට ප්‍රමාණවත් නැත.

ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමේ ක්‍රියාකාරිත්වය දක්වන වීඩියෝව.



ද්‍රවස්ථිතික බල වර්ධක පද්ධතියෙන් පසුව බලය සම්ප්‍රේශනය වන්නේ ගියර් පද්දතියටයි එන්ජිම චලනය වන දිශාව වේගය ආදිය මේ තුලින් පාලනය වේ ගියර් පද්දතිය විසින් ඇක්සල් වලට හා රෝද වලට බලය සම්ප්‍රේශනය කරයි.

Saturday, December 5, 2015

ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය වීඩියෝ විස්තරයක්

පසුගිය පෝස්ට් එකෙන් ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි කිරීමක් කළා. මේ එම පෝස්ට් එකෙන් පැහැදිලි කළ කරුණු සම්බන්ධයෙන් මට සොයාගන්නට ලැබුණු වීඩියෝ දර්ශන දෙකක්. මේ තුලින් පසුගිය වතාවේ මා ඉදිරිපත් කළ තොරතුරු සැකෙවින් විස්තර කිරීමක් බලාගන්නට හැකියි.


 

Saturday, November 21, 2015

ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරිත්වය

ඩීසල් බලයෙන් ධාවනය වන දුම් රිය එන්ජින් වල ප්‍රධානම ආකාරය වන්නේ ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වේ. මෙහිදී දුම් රිය එන්ජිමේ අවසන් චලනය ඇති කරවන්නේ ඇක්සල් වලට සම්බන්ධ විදුලි මෝටර් වලිනි. ඩීසල් දහන එන්ජිමෙන් මූලිකව කරනු ලබන්නේ ඊට සම්බන්ධ විදුලි ජනක යන්ත්‍රය ක්‍රියා කරවීමයි. එන්ජිමේ ඇක්සල් වලට සම්බන්ධ විදුලි මෝටර් හෙවත් ට්‍රැක්ෂන් මෝටර් (Traction motor ) වලට විදුලි බලය ලබා දෙන්නේ මේ විදුලි ජනක යන්ත්‍රය මගිනි.

ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරිත්වය පෙන්වන දල රූප සටහන් කීපයක්





දුම් රිය එන්ජින් වල භාවිතා වන ඩීසල් දහන එන්ජින්







ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වල භාවිතා වන විදුලි ජනක යන්ත්‍ර











ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වල අවසන් චලනය ඇතිකරන ට්‍රැක්ෂන් මෝටර් (Traction motor)








ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වල ඇක්සල් හා රෝද







ට්‍රැක්ෂන් මෝටර් දුම් රිය එන්ජින් ඇක්සලයට සම්බන්ධ වන ආකාරය














 ට්‍රැක්ෂන් මෝටර් ගැන කියනකොට තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි දුම්‍රිය එන්ජින් වල භාවිතා වෙන ඉලෙක්ට්‍රො ඩයිනමික් තිරිංග පද්දති ක්‍රියා කරන්නේ මේ ට්‍රැක්ෂන් මෝටර් ඇසුරෙන්මයි. එතැනදී වෙන්නේ දුම් රිය චලනය වන දිශාවට එමචලනය පවත්වාගන්න මෝටර් වලට ලබා දෙන විදුලි බලයට ප්‍රතිවිරුද්ධව විදුලි බලයක් එම මෝටර් වලටම ලබා දීමයි. එහිදී මෝටර් වලින් චලනය ඇති කරන දිශාවට ප්‍රති විරුද්ධ දිශාවට බලයක් ගොඩ නැගීමෙන් දුම් රියේ වේගය අඩු වීම සිදු වෙනවා.



ට්‍රැක්ෂන් මෝටර් හා සම්බන්ධ ඇක්සල් හා රෝද බොගියට සම්බන්ධ කළ පසු









මේ තාක්ෂණයට නිමවූ දුම් රිය එන්ජිමක්





ඇත්තටම දුම් රිය එන්ජින් වලට මෙවැනි තාක්ෂණයක් අවශ්‍ය ඇයි? ඩීසල් දහන එන්ජිමෙන් ලැබෙන බලය ගියර් බොක්ස් එකක් හරහා ඇක්සල් මගින් කෙලින්ම රෝද වලට සම්ප්‍රේශනය කරන්න බැරිද? ඇත්තෙන්ම බැරි කමක් නෑ. නමුත් ඒ ක්‍රමය දුම් රිය එන්ජිමකට යොදා ගැනීම එතරම් ප්‍රායෝගික නෑ. ඊට හේතුව වෙන්නේ සාමාන්‍ය මෝටර් වාහනයකින් අදින බර ප්‍රමාණයට වඩා විශාල බරක් දුම් රිය එන්ජින් වලින් ඇදීම කෙරෙන නිසා ඩීසල් දහන එන්ජිමෙන් ලැබෙන බලය ගියර් බොක්ස් එකක් හරහා ඇක්සල් මගින් රෝද වලට සම්ප්‍රේශනය කරන්නට යෑමේදී ගියර් බොක්ස් වල දැති රෝද පැනීම හිර වීම හා ඇක්සල් කැඩී යාම පවා සිදු වෙන්න වැඩි සම්භාවිතාවයක් තිබීමයි. ඒ අනුව බලන විට දුම් රිය එන්ජිමක චලනය ඇති කිරීමට යොදාගත හැකි සාර්ථකම ක්‍රමයක් වන්නේ ඩීසල් දහන එන්ජිමෙන් විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියා කරවා එයින් ලැබෙන විදුලි බලය රෝද වලට සම්බන්ධ විදුලි මෝටර් වලට ලබා දී එමගින් අවසන් චලනය ඇති කිරීමයි.

Saturday, November 7, 2015

දුම් රිය වර්ග

ලොව දුම් රිය විවිධත්වයක් තිබේ. දුම් රියේ චලනය ඇතිකරන ප්‍රධාන බල සැපයුම අනුව මූලිකව වර්ග කිරීමක් කළොත් පහත පරිදි අපට දු රිය වර්ග හඳුනා ගත හැක

1) වාශ්ප බලයෙන් ධාවනය වන දුම් රිය

2) ඛනිජ තෙල් (ඩීසල් ) බලයෙන් ධාවනය වන දුම් රිය

3) විදුලි දුම් රිය

4) විද්‍යුත් චුම්භක ඉපිලීම ආධාරයෙන් ධාවනය කරන දුම් රිය


වාශ්ප බලයෙන් ධාවනය වන දුම් රිය


ගල් අඟුරු දහනය මගින් ජලය තාපගන්වා ඇතිවන හුමාලයෙන් පිස්ටනයක් චලනය කරවයි.


ඛනිජ තෙල් (ඩීසල් ) බලයෙන් ධාවනය වන දුම් රිය

ඩීසල් බලයෙන් ධාවනය වන දුම් රිය එන්ජින් වල චලනය ඇති කරන තාක්ෂණය අනුව කොටස් ප්‍රධාන දෙකක් හඳුනාගත හැක.

1) ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින්


මෙහිදී භාවිතා වන තාක්ෂණය වන්නේ ඩීසල් එන්ජිමෙන් විදුලි ජනක යන්ත්‍රක් ක්‍රියා කරවා එයින් ජනනය වන විදිලිබලයෙන් ක්‍රියාත්මක විදුලි මෝටර් හරහා චලනය ඇති කිරීමයි.




2) ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජින්



මෙහිදී සිදුවන්නේ ඩීසල් එන්ජිමෙන් ලැබෙන බලය ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශන පද්දතියක් හරහා බලය වැඩි කර ඇක්සල් මගින් රෝද වලට එම බලය ලබා දී චලනය ඇති කිරීමයි.






විදුලි දුම් රිය


දුම් රිය මාර්ගයට ඉහලින් යන ප්‍රධාන විදුලි සැපයුම් පද්දතියකින් විදුලිය ලබාගෙන විදුලි මෝටර් මගින් රෝද වලට චලනය ලබාදීම මෙහිදී සිදුවේ.






විද්‍යුත් චුම්භක ඉපිලීම ආධාරයෙන් ධාවනය කරන දුම් රිය 



මෙහිදී දුම් රියේ ආධාරකය හා දුම් රිය අතර චුම්භක බල ධාරාවන් ඇතිකර ඉහලට ඉපිලුම හා ඉදිරිපස පසුපස චලනය සිදු කරයි.







මෙම තාක්ෂණය භාවිතා කරන දුම් රිය අද ලොව වේගය අතින් ඉහලම තැනක් හිමි කරගෙන ඇත.