Saturday, November 7, 2015

දුම් රිය වර්ග

ලොව දුම් රිය විවිධත්වයක් තිබේ. දුම් රියේ චලනය ඇතිකරන ප්‍රධාන බල සැපයුම අනුව මූලිකව වර්ග කිරීමක් කළොත් පහත පරිදි අපට දු රිය වර්ග හඳුනා ගත හැක

1) වාශ්ප බලයෙන් ධාවනය වන දුම් රිය

2) ඛනිජ තෙල් (ඩීසල් ) බලයෙන් ධාවනය වන දුම් රිය

3) විදුලි දුම් රිය

4) විද්‍යුත් චුම්භක ඉපිලීම ආධාරයෙන් ධාවනය කරන දුම් රිය


වාශ්ප බලයෙන් ධාවනය වන දුම් රිය


ගල් අඟුරු දහනය මගින් ජලය තාපගන්වා ඇතිවන හුමාලයෙන් පිස්ටනයක් චලනය කරවයි.


ඛනිජ තෙල් (ඩීසල් ) බලයෙන් ධාවනය වන දුම් රිය

ඩීසල් බලයෙන් ධාවනය වන දුම් රිය එන්ජින් වල චලනය ඇති කරන තාක්ෂණය අනුව කොටස් ප්‍රධාන දෙකක් හඳුනාගත හැක.

1) ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින්


මෙහිදී භාවිතා වන තාක්ෂණය වන්නේ ඩීසල් එන්ජිමෙන් විදුලි ජනක යන්ත්‍රක් ක්‍රියා කරවා එයින් ජනනය වන විදිලිබලයෙන් ක්‍රියාත්මක විදුලි මෝටර් හරහා චලනය ඇති කිරීමයි.




2) ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජින්



මෙහිදී සිදුවන්නේ ඩීසල් එන්ජිමෙන් ලැබෙන බලය ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශන පද්දතියක් හරහා බලය වැඩි කර ඇක්සල් මගින් රෝද වලට එම බලය ලබා දී චලනය ඇති කිරීමයි.






විදුලි දුම් රිය


දුම් රිය මාර්ගයට ඉහලින් යන ප්‍රධාන විදුලි සැපයුම් පද්දතියකින් විදුලිය ලබාගෙන විදුලි මෝටර් මගින් රෝද වලට චලනය ලබාදීම මෙහිදී සිදුවේ.






විද්‍යුත් චුම්භක ඉපිලීම ආධාරයෙන් ධාවනය කරන දුම් රිය 



මෙහිදී දුම් රියේ ආධාරකය හා දුම් රිය අතර චුම්භක බල ධාරාවන් ඇතිකර ඉහලට ඉපිලුම හා ඉදිරිපස පසුපස චලනය සිදු කරයි.







මෙම තාක්ෂණය භාවිතා කරන දුම් රිය අද ලොව වේගය අතින් ඉහලම තැනක් හිමි කරගෙන ඇත.

Sunday, November 1, 2015

දුම් රිය මාර්ග ප්‍රමිතීන්

ලොව දුම් රිය ධාවනය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යක් ලෙස ව්‍යාප්ත වීමත් සමග විවිධ ප්‍රමිතීන් වල දුම් රිය මාර්ග පද්දති ව්‍යාප්ත විය. මේ දුම් රිය මාර්ග ප්‍රමිතියේ ප්‍රධාන සාධකේ වෙන්නේ මාර්ගයේ පීලි දෙක අතර පරතරයයි. ලොව මුලින්ම දුම්‍රිය තාක්ෂණය ව්‍යාප්ත වුනු කාලයේ විවිධ රටවල විවිධ ප්‍රදේශ වල මේ පීලි අතර පරතරය අඟල් 15 සිට අඩි  7යි අඟල් 1/4 දක්වා විවිධ පරතරයන් වල දුම් රිය මාර්ග තිබුණි. පසු කලක බොහෝ රටවල් එකම ප්‍රමිතියකට දුම් රිය මාර්ග පද්දතීන් සකස් කරගන්නට විය. මෙහිදී පීලි අතර පරතරය අඩි 4යි අඟල් 8 1/2 සාමාන්‍ය ප්‍රමිතිය ලෙස බොහෝ රටවල් පිළිගෙන තිබූ අතර මේ සම්මත පලලට වඩා අඩු වැඩි බොහොමයක් මාර්ග මෙම සම්මතයට සකස් කරගැනීමට බොහෝ රටවල් කටයුතු කර ඇත. කෙසේ නමුත් මීට අඩු හා වැඩි පරතරයන් සහිත දුම් රිය මාර්ගද සෙසු ප්‍රමිතීන් ලෙස තවමත් බොහෝ රටවල දක්නට ඇත.



මූලිකම ප්‍රමිතීන්ට අනුව පීලි අතර පරතරය මත දුම් රිය මාර්ග ප්‍රධාන කොටස් 3කට දැක්විය හැක. ඒ පටු පරතර , සම්මත ප්‍රමිතියේ පරතරය හා පුළුල් පරතර යනුවෙනි.


මෙහිදී අපේ රටේ දුම් රිය මාර්ග අයත් වන්නේ පුළුල් පරතර සහිත මාර්ග වර්ගයටයි. අපේ රට සමග මේ ප්‍රමිතියට අයත් ලොව සෙසු රටවල් වන්නේ ඉන්දියාව, පාකිස්ථානය,චිලී සහ ආජන්ටිනා යන රටවල් වේ.  එම පුළුල් පරතර ප්‍රමිතියට අනුව ශ්‍රී ලංකාවේ හා ඉන්දියාව පාකිස්ථානය චිලී ආජන්ටිනා යන රටවල දුම් රිය මාර්ග වල පීලි අතර පරතරය අඩි 5යි අඟල් 6කි. එනම් පුළුල් පරතර ප්‍රමිතියට අතුලත් වේ.




ශ්‍රී ලංකාවේ දුම් රිය මාර්ග ආකෘතිය. පීලි අතර පරතරය අඩි 5යි අඟල් 6යි.

අතීතයේ අපේ රටේ භාවිතා වූ පටු දුම් රිය මාර්ග මේ වන විට භාවිතයේ නැති අතර එහි පීලි අතර පරතරය අඩි 2යි අඟල් 6ක් විය.

Saturday, October 24, 2015

ලොව විවිධ රටවල අතීතයේ භාවිතා වූ වාශ්ප දුම් රිය එන්ජින්





විවිධ කාල පරිච්චේද වල ලෝකයේ විවිධ රටවල මෙම වාශ්ප බලයෙන් ක්‍රියා කරන දුම්‍රිය එන්ජින් භාවිතා වී ඇත. අද මේ සියල්ලම වාගේ දක්නට ඇත්තේ ඒ ඒ රටවල දුම්‍රිය කෞතුකාගාර වලයි.

Thursday, October 15, 2015

වාෂ්ප දුම් රිය ඇන්ජිමක ක්‍රියාකාරිත්වය




වාෂ්ප බලයෙන් ධාවනය වන මුල් කාලයේ දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය රූපසටහන් වල දැක්වෙන ආකාරයට සරලව පෙන්වා දෙන්න පුළුවන්. ඇත්තටම වාෂ්ප එන්ජිමක ක්‍රියාකාරිත්වය සරලයි. එහිදී වෙන්නේ ගල් අඟුරු දහනය තුලින් ජලය වාෂ්ප ගන්වා එම උනුසුම් වාෂ්ප ධාරාව ප්‍රයෝජනයට ගෙන සරල පිස්ටනයක් චලනය කිරීමයි. එලෙස චලනය වන පිස්ටනයට සම්බන්ධ යකඩ කඳක් ආධාරයෙන් දුම් රිය එන්ජිමේ රෝද කරකැවීම සිදු වෙනවා.

Saturday, October 10, 2015

ලොව දුම් රිය ප්‍රවාහනයේ ආරම්භය


මුල්ම ගල් අඟුරු දුම් රිය එන්ජිම නිපදවූ ජෝජ් ස්ටීවන්සන්


රොකට් නමින් හැඳින්වූ ලොව මුල්ම සාර්ථක දුම් රිය එන්ජිම

කෝච්චි ගැන කතා කරනකොට ඔන්න කෝච්චි වල ඉතිහාසය ගැන පොඩ්ඩක් විතර මතක් කරල පටන් ගන්න එක හොඳයි කියලා හිතුනා. අපි කවූරුත් සාමාන්‍ය දැනීමෙන් දන්න දෙයක් තමයි ලෝකයේ මුල්ම සාර්ථක ගල් අඟුරු දුම් රිය එන්ජිම නිපදවමින් එහි ගෞරවය ලබාගෙන තියෙන්නේ ජෝජ් ස්ටීවන්සන් කියන එක. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මීට කලින් ජේම්ස් වොට් විසින් නිපදවූ වාෂ්ප එන්ජිමේ ආකෘතිය අනුව මෙය නිපදවා තිබුණේ ගල් අඟුරු පතල් වල ගල් අඟුරු ප්‍රවාහනයටයි. මෙලෙස ජෝජ් ස්ටීවන්සන් විසින් රොකට් නමින් හැඳින්වූ මුල්ම සාර්ථක ගල් අඟුරු දුම් රිය එන්ජිම අත්හදා බලල තියෙන්නේ 1814 වසරේයි. එතැන් පටන් පසු කාලීනව මේ දුම් රිය එන්ජිම වැඩි දියුණු වෙමින් බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන සේවයට එක්තු වී තිබෙනවා.